විදෙස් ගත ශ්රමිකයින් මෙරටට එවනු ලබන විදේශ විනිමය 2015 ජනවාරි මාසයට සාපේක්ෂව 2016 ජනවාරි මාසයේදී 7.6% කින් වර්ධනය වී ඇති බව ශී්ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව පසුගිය වර්ෂයේ ජනවාරි මස වාර්තා වූ මුදල් ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 523.50 කි. එය 2016 ජනවාරි වන විට ඇමරිකානු ඩොලර් මිලියන 563.4 දක්වා වර්ධනය වී තිබේ. මහ බැංකු වාර්තා වලට අනුව විදේශීය ශ්රමික ඉපයීම් වලට අමතරව, මෙම කාලයට සාපේක්ෂව විදේශ විනිමය ලැබීම් වර්ධනය වී ඇත්තේ, සංචාරක අංශය පමණී.
|
2016 ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළ 58,726 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අැත.
|
2016 ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළ 58,726 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඒ තුල පිරිමි ශ්රමිකයින් 38,677 දෙනෙකු හා කාන්තා ශ්රමිකයින් 20049 දෙනෙකු ද ඇතුළත් වේ. 2015 වර්ෂයේ විදේශ ගත වූ මුලූ ප්රමාණය 263, 307 කි.