ශ්‍රී ලංකිකයන් විසින් රජයට ප්‍රකාශ කර නොමැතිව විදෙස් බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවසර ලබාදීමට රජයෙ අවධානය යොමුව තිබේ. ඒ අනුව නීතිවිරෝධී නොවන ආකාරයට උපයා විදේශ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරිමට අවසරය ශ්‍රී ලාංකිකයන්ට ලැබේ.
මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කර ඇත්තේ ස්විස් බැංකුවල හා පැනමා පත්‍රිකා වල නම සඳහන් සමාගම්වලට පවා සිය මුදල් කොළඹට රැගෙන ආ හැකි බවයි.
ඉන්දුනීසියාව හා මැලේසියාව විසින් සිය රටවල්හි ජනතාව වෙනත් රටවල්වල බැංකු තුළ නැත්පත් කර තිබූ මුදල් නැවතත් සිය රටවල් සඳහා ගෙන ඒමට කටයුතු කළ ආකාරය පිළිබඳව අධ්‍යයනය කරන බවද මුදල් අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත.