සහල් මිල පාලනය කිරීම සඳහා විදේශ රටවලින් සහල් ගෙන්වා නාඩු වී කිලෝවක් රුපියල් 50ත් 60ත් අතර මුදලකට සතොස හරහා අලෙවි කරන බව ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.
මීට අමතරව රජය සතු වී තොග කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත්කර අලෙවි කිරීම පිළිබඳවත් අවදානය යොමුව තිබෙන බව හෙතෙම පවසා සිටියේය.
මුල් අදියරේදී සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගෙන්වීමට කටයුතු කරන බවත්, එම තොගය ලබන සතියේදී ගෙන්වන බවද අමාත්‍යවරයා පැවසීය.
සහල් තොගය පැමිණි පසුත් සහල් මිල සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට ව්‍යාපාරිකයන් කටයුතු නොකළහොත් ඉදිරි වී අස්වැන්න ලැබෙන තෙක් සහල් ගෙන්වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.