විදේශ රැකියාවන් සඳහා මැදපෙරදිග රටවලට ගොස් නොයෙකුත් වධහිංසාවලට ලක්වූ කාන්තාවන් 116දෙනෙකු අද (24දා) අලුයම දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටපළ සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ මැදපෙරදිග ගොස් මෙලෙස වධ හිංසාවට ලක්වී යළි දිවයිනට පැමිණි ලාංකිකයන් සංඛ්‍යාව දහස ඉක්මවන බව ගුවන්තොටුපළ පවසයි.
පැමිණ සිටි කාන්තාවන් අතරින් කටාර් සිට 27ක්, කුවේට් 71ක් සහ සෞදි අරාබිය 58 දෙනෙකු වශයෙන් පැමිණ සිටි අතර ඔවුන් වැඩිදෙනෙකු මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
මෙම පිරිස අතර පූර්ණ අබාධිත තත්ත්වයේ සිටි කාන්තාවන් සිවුදෙනෙකු සිටින අතර, මන්ද මානසික තත්ත්වයන්ට පත්ව සිටි කාන්තාවන් සිවුදෙනෙකුද සිටින බව කටුනායක ගුවන්තොටුපළ බලධාරීහු පවසා සිටියහ.
සීදුව - ප්‍රසාද් මුතුකුඩ