රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව ලිහිල් කිරීමටත්, උපරිම වයස් සීමාවක් හදුන්වාදීමටත් ලබන අපේ‍්‍රල් මාසයේ කටයුතු යොදාතිබේ.
මෙම වයස් සීමාවන්, මැදපෙරදිග රටවල් හා මැදපෙරදිග නොවන රටවල් සඳහා ක්‍රියාත්මක කෙරේ.
දැනට කි‍්‍රයාත්මක වයස් සීමාවන්ට අනුව, සෞදි අරාබියේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 25 සම්පූර්ණ වී තිබිය යුතුය.
අනෙකුත් මැදපෙරදිග රටවල් වන කුවේට්, ජෝර්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ලෙබනනය, කටාර්, බහරේන් හා ඕමාන් සඳහා අවම වයස් සීමාව අවුරුදු 23 කි.
මැදපෙරදිග නොවන රටවල් වන, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, සයිප්‍රස් ඇතුළු රටවල් සඳහා අවම වයස් සීමාව අවුරුදු 21 කි.