විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (13දා) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම බැංකි මූන් මහතා හමුවී තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව තරමක් දුරට කල් දමන ලෙසට විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගෙන් විමසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මහ ලේකම්වරයා හා විදේශ අමාත්‍යවරයා අතර විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳව, ගිණුම් කටයුතුභාවය හා පුනරුත්තාපනය පිළිබඳව සාකච්ඡාව කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.