විදුහල්පතිනිය දණ ගැස්සවීමට අදාළව 7කට සිතාසි
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීම, තර්ජනය කළ ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්යක්ෂ රණසිංහ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, පළාත් සභා සේවකයන් වන පාලිත ආරියවංශ, ප්‍රසන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත රත්නායක යන අයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිතාසි නිකුත් කරනු ලැබ තිබේ.
2018 ජනවාරි 25 දින පෙ.ව. 10 ට කොළඹ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ 4 කාර්යාලයේ පෙනී සිටින ලෙස පැමිණිලි අංක එච්ආර්සී/236/18 අංකය යටතේ මෙම පිරිසට සිතාසි යවා ඇත.
ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් සිදු කළ පැමිණිලි 2 කට අනුව අදාළ කැඳවීම් සිදු කර ඇත.
දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්.බවානි මහත්මිය වින්දිත පාර්ශ්වය ලෙස සලකා මෙම විභාගය සිදු කෙරේ. පැමිණිල්ලේ දැක්වෙන්නේ ඌව ප්‍රධාන අමාත්‍යවරයා හා මෙම පිරිස සිදු කළ ක්‍රියාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව හා 13 ව්‍යවස්ථාවේ සඳහන් අදාළ භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය මෙන්ම 10 වන ව්‍යවස්ථාවේ සඳහන් හෘදය සාක්ෂියේ නිදහස ද දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



