විදුහල්පතිනිය දණ ගැස්සවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි
බදුල්ල දෙමළ මහා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සහ අදාළ විදුහල්පතිවරිය ක්‍රියා කළ ආකාරයත්, මහ ඇමතිවරයා අධ්‍යාපන බලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබාදී ඇත.
විදුහල්පතිවරිය මුල් අවස්ථාවේදී අදාළ සිදුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙය යම් දේශපාලනික සිදුවීමක් සේ පෙනී ගියද, මේ වනවිට ඉදිරිපත් වී ඇති කරුණු මත වහා මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාව මතුවී ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
මෙම සිදුවීමේදී සත්‍ය තත්ත්වය වසන් කිරීම සඳහා මැදිහත්වී ඇති බවට පැවසෙන ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ සෙසු පළාත් අධ්‍යාපන ප්‍රධානීන් අදාළ සිදුවීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳවද සොයා බලා කරුණු වාර්තා කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


