බකමුණ, දියබෙදුම නාමල් වැව ප්රාථමික විදුහලේ 05 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට එම විදුහලේ විදුහල්පති විසින් තවත් සිසුන් යොදවා ඇයට පහරදී (ටොකු ඇණ) ඇති බවත් සිසුවිය පොළොන්නරුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවත් පොලිස් මූලස්ථානය පවසිය.
ඊයේ (16දා) උදෑසන මෙම සිදුවීම සිදුවී තිබෙන අතර, සිසුවියගේ මව දියබෙදුම පොලිස් මුරපොළට පැමිණිල්ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.