ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii පන්තියට බඳවාගැනීම සඳහා තරග විභාගයෙන් සමත් වූ 4076 දෙනෙක් සදහා පත්වීම් ලිපි මාර්තු මාසය අවසන්වීමට පෙර ලබාදීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
2005 වර්ෂයේ අවසන් වරට විදුහල්පති සේවයේ iii පන්තියට බඳවාගැනීම සඳහා තරග විභාගයක් පවත්වා ඇති අතර ඉන් පසු විදුහල්පති තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කර ඇත්තේ රාජකාරි ආවරණය කිරීමේ පදනම යටතේය. ඒ අනුව පුරප්පාඩු 5600 ක් සම්පූර්ණ කිරීම සඳහා පැවැත්වූ තරග විභාගයට අයදුම්කරුවන් 19,000 ක පිරිසක් පෙනී සිටින ලදී. ඉන් සමත් වූ 4076 දෙනා වෙනුවෙන් පත්වීම් ලබාදීමට නියමිතය.