මේ මස 10 වැනිදින පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති III වැනි ශ්‍රේණියට බඳවාගැනීමේ තරග විභාගය නොවැම්බර් 21 වැනිදා දක්වා කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගයට සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා විභාගය කල් දමන ලෙසට විභාග අපේක්ෂකයන් විශාල පිරිසක් ඉල්ලිම් කර තිබූ බවත්, ඒ පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බවත් විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මෙම විභාගයට අපේක්ෂකයන් ලෙස ගුරුවරුන් 20805 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.