අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (23දා) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී විදුහල්පතිවරුන්ට ලබාදී ඇති කරනල් තනතුරු ඉවත්කිරිමටත් ගුරු වැටුප් විශමතාව හැකි ඉක්මනින් ඉවත්කිරීමටත් තීරණය කර තිබේ.
මෙහිදී කරුණු 11ක් පිළිබඳව දෙපාර්ශ්වයේ එකඟතාව ඇතිවිය.
01. විවිධ බලපෑම් හමුවේ නවතා දමා තිබූ අධ්‍යාපන ක්ෂේත්රයේ අදාළ විමර්ශන කටයුතු වහාම නැවත ආරම්භ කර ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
02. ගුරු වැටුප් විෂමතාවයන් හැකි ඉක්මනින් ඉවත් කිරීම.
03. විවිධ හේතු මත දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා කටයුතු කිරීමට කමිටුවක් පත්කිරීම.
04. පාසල් ළමුන් යොදා ගෙන වාර්ෂිකව පවත්වනු ලැබූ පෙරහැරවල් අවලංගු කිරීමට තීරණය කිරීම.
05.විදුහල්පතිවරුන්ගේ කර්නල් තනතුරු අහෝසි කිරීම.
06. අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.
07.සකස්කරන ලද නව ගුරු සේවා ව්‍යවස්ථා වාර්තාව පිළිබඳ සාකච්ඡා කර සුදුසු තීරණ ගැනීම.
08. මින් පසු පාසල්වලට සහ පාසල්වල විවිධ ව්‍යපෘති සඳහා දේශපාලඥයින්ගේ නම් යොදා ගැනීම නැවැත්වීම.
09. පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම.
10. පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබාගැනීම සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට යෝජනා කළ අතර පාසලේ යම් සාධාරණ කටයුත්තක් සඳහා මුදල් අයකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසර ලබාගත යුතු බව යෝජනා කරන ලදී. මෙහිදී යම්හෙයකින් අසාධාරණ ලෙස මුදල් ඉල්ලා සිටින අවස්ථාවකදී එම තොරතුරු අමාත්‍යාංශය වෙත ලැබීමට සලස්වන ලෙස අමාත්‍යතුමා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
11. මෙතෙක් ප්‍රමාද වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු සලස්වන ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යතුමා උපදෙස් ලබාදෙන ලදී.