පෙලොන්නරුව සේවා මුක්ත කඳවුර මහ විදුහලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා කාර්යාල කාර්ය සහායකයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කියයි.
පාසලට ළමයෙකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 7500ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට තැත් කිරීමට යාමේදී අද (20දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.