විදුලිබල ක්ෂේත්රයට 4% ජාතිය ගොඩනැගීමේබද්ධක් පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කර විසඳුමකට එළඹීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අද (27දා) දිනයේදී අගමැතිවරයා සහ විදුලිබල ඇමතිවරයා අතර මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් ආර්.බටගොඩ මහතා සඳහන් කළේ, මෙම බද්ද පැනවූ පසු විදුලි ගාස්තු ඉහළයාමක් සිදුවේද නැද්ද කියා රජය මේ දක්වා තීරණයකට එළඹ නොමැති බවයි.