විදුලියේ වගකිව යුතු නිලධාරීන් 24 දා කෝප් කමිටුව හමුවට
මීට පෙර ගෙන් වූ විට කමිටුවට තර්ජනය කරලා
විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිලධාරීන් සියලු දෙනා සහ එයට අයත් ආයතනවල නිලධාරීන් එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවා තිබේ.
විදුලිබල මණ්ඩලයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්න කිරීමට විදුලිබල මණ්ඩලයට අයත් ආයතන 23 හි ප්‍රධානීන් පළමුවරට කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවා තිබූ අතර, ඉන්පසුව ඔවුන් කෝප් කමිටු සාමාජිකයන්ට තර්ජනය කර ඇති බවද වාර්තා වේ. කෙසේවුවද රටතුළ විදුලි අර්බුද නිර්මාණය වූයේද ඉන්පසුව බවත්,විදුලිය බිඳවැටීමට එම සිදුවීමෙහි සම්බන්ධයක් තිබේදැයි නොදන්නා බවත් කෝප් කමිටු ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් රාජ්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම යටතේ විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ප්‍රශ්නකිරීමට නියමිතය.
මේ අතර විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණපැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයන් දෙදෙනෙකු අද (21දා) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කළ සමාගමේ විශේෂඥයන් දෙදෙනෙකු මෙලෙස පැමිණෙන බවයි.
පසුගිය ඉරිදා දිනයේ බියගම විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමට ලක්වූ අතර, සිකුරාදා දිනයේ ජාඇල කටුගොඩ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමට ලක්විය.
මෙම ට්‍රාන්ස්ෆෝමර් පිපිරීම සම්බන්ධයෙන් අදාළ ජර්මානු විශේෂඥයන් පරීක්ෂණ පවත්වනු ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
ඒ අනුවපසුගිය ඉරිදා දිනයේ බියගම විදුලි උපපොළේ පිපිරීමට ලක් වූ ට්‍රාන්ස්ෆෝමරයේ රසපරීක්ෂක කටයුතු අද(21දා) දිනයේ සිදුකිරීමට නියමිත අතර, රසපරීක්ෂකවරයා ඉදිරියේ පිපිරීමට ලක් වූ ට්‍රාන්ස්ෆෝමරයේ අදාළ කොටස් විවරකර පරීක්ෂාකිරීමට නියමිතය.
කෙසේවෙතත් බියගම විදුලි උපපොළේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණවලට අනුව එය කුමන්ත්‍රණයක් නොව තාක්ෂණික දෝෂයක් බවට අනාවරණය වී ඇතැයිද ආරංචිමාර්ග පවසයි.
ස්ථාන දෙකක විදුලි උපපොළවල සිදුවූ පිපිරීම් සමග හඳුනාගත් උපපොළවල් රැසකට මේ වනවිට ආරක්ෂාව සපයා ඇතිඅතර,විදුලි උපපොළවල් පිහිටි ස්ථාන සහිත ලේඛනයක් මේ වනවිටත් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර තිබේ.
මේ අතර මේ දිනවල විදුලි බිඳවැටීම් සමග තාප විදුලි බලාගාර පණගැන්වීමට සිදුවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසීය.
විදුලි උත්පාදනයට භාවිත කරන ජලාශවල ජල මට්ටම පහළ යාම, පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ජලය වෙන් කිරීම, කෘෂි අවශ්‍යතා වෙනුවෙන් ජලය මුදාහැරීම වැනිජල විදුලි බලාගාර පණ ගැන්වීමේ ගැටලු කිහිපයක් පවතින බැවින්අදාළ පියවර ගත්බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්%අද^ට පැවසීය.