නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රට තුළ මේ වනවිට විදුලිය සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවට තව දින දෙකක් ඇතුළත නිසි පිළියම් සලසන බවයි.
මේ වනවිට විදුලිය සම්බන්ධව ඇති වී තිබෙන තත්ත්වය මත සෑම විදුලි පාරිභෝගිකයකුම තම විදුලි පරිභෝජනයෙන් 15% කප්රමාණයක් අඩුකර කළමනාකරණය කර භාවිතකළහොත් රට තුළ ඇති වී තිබෙන තත්ත්වයට යම් තරමකින් මුහුණදීමට හැකි බවදඇමතිවරයාකියා සිටියේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරී එම්.සී.සී. වික්‍රමසේකර, අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.