කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබාගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ රුපියල් ලක්ෂ 16කට අධික පාඩුව ගෙවීමට විත්තිකරුට අද (12දා) නියම කළාය.
වායු සමීකරණ යන්ත්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000ක පමණ බිලක් බවත්, ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරුට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිලක් අත්තනායක මහතා ඉල්ලා සිටියද, ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන විත්තිකරු මෙම නිවස විකුණා දමා රටින් පිටව යෑමට හැකියාව ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු පිළගත් මහේස්ත්‍රාත්වරිය ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ රුපියල් 1,606,487.26ක පාඩුව වහාම ගෙවීමට විත්තිකරුට නියම කළාය.