බියගම පුපුරාගිය ට්රාන්ෆෝමරය සවි කර අවසන් බවත් විදුලිය කිසිඳු අවස්ථාවක පෞද්ගලීකරණයට නොකරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
එසේම කොටුගොඩ ට්‍රාන්ස්ෆෝමරය අළුත්වැඩියා කරමින් පවතින බවත් විදුලි ආවරණයට විකල්ප මාර්ග යොදාගන්නා බවත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
පුපුරාගිය ට්රාන්ෆෝමර්වල තත්ත්ව පරීක්ෂාවට ජර්මන් සහ ජපන් විශේෂඥයන් පැමිණෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.