විදුලි පාරිභෝගිකයන් සියලු දෙනාට ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට අදාළ රතු බිලක් ලැබෙනවාද, විදුලි ඇනහිටීමක් සිදුවනවාද යන්න එස්.එම්.එස්.(SMS) පණිවුඩයක් මගින් දැනගැනීමට ලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ වනවිට එම වැඩසටහන බස්නාහිර පළාත තුළ වසරක කාලයක සිට ක්‍රියාත්මක වන අතර, ඊළඟ පියවර මධ්‍යම පළාතට සහ අනතුරුව දිවයින පුරා සිටින සියලු විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා මුදල් අය නොකරන බවත් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.
මේ වනවිට මනු සටහන්කරුවන් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයන්ගේ දුරකථන අංක හා අනෙකුත් තොරතුරු ලබාගැනීම සිදුවන බවද ඔහු සඳහන් කළේය.
විදුලි විසන්ධි කිරීමට අදාළව රතු බිලක් ලැබීමට ප්‍රථම එස්.එම්.එස්. පණිවුඩය ලැබෙන බැවින් ජනතාවට පහසුවක් ඇතිවන බවත්, විසන්ධි කිරීමක් කරන්නේ නම් එය සිදුකරන්නේ රතු බිල ලැබී දින 10 ක් ගිය පසු බවත් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
මේ සඳහා තොරතුරු ලබාදීමේදී අනිසි බියක් ඇති කරනොගන්නා ලෙසත්, අනිකුත් එස්.එම්.එස්. පණිවුඩ ලැබෙන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.