ශ්‍රී ලංකා රජය විසින් විදුලිය හා ඉන්ධන සඳහා වූ මිල ගණන් වෙළෙඳ පොළ මත තීරණය වීමට කටයුතු කරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහන ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ෂ්නයිඩර් මහතා මෙසේ සඳහන් කරයි.
එමෙන්ම, ඉදිරි කාලය තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ එම ආයතන සමග වූ රජයේ මූල්‍ය සබඳතා වාර්ෂිකව ප්‍රකාශ කරනු ලබන මූල්‍ය ප්‍රකාශන මගින් විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කෙරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියි.