සී.එෆ්.එල්. බල්බවලටත් වඩා 40%- 60%ත් අතර අඩුවෙන් විදුලිය වැයවන එල්.ඊ.ඩී බල්බයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.
දැනට භාවිත කරන සමාන්‍ය බල්බය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා මෙම බල්බය හඳුන්වාදීමට කටයුතු කරන බවත්, සී.එෆ්.එල්. බල්බ හඳුන්වාදීම නිසා පද්ධතියට මෙගාවොට් 400ක් ඉතිරිකරගැනීමට හැකිවූ බවත් එම අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
හඳුන්වාදෙන එල්.ඊ.ඩී. බල්බය දැනට සමාන්‍ය බල්බ භාවිතකරන පිරිස් විසින් භාවිත කරනු ලැබුවහොත් මෙගාවොට් 230ක් ඉතිරිකරගැනීමට හැකිවන බවදහෙතෙම පවසා සිටියේය.