මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය වනවිට අඛණ්ඩව විදුලිය සැපයීම පිළිබඳව අභියෝග ඇතිවිය හැකි නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාර්තු මාසයේදී වියළි කාලගුණයක් ඇති වුවහොත් ජල විදුලි නිෂ්පාදනය අඩු වී යා හැකි නිසා මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
මීට අමතරව අප්‍රේල් මාසයේදී නොරොච්චොලේ බලාගාරයේ එක් යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නතර කිරීමට සිදුවන බවද පවසා සිටියේය.
එහෙත් විදුලි අර්බුදයක් ඇති නොවී ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා ජනතාවගේ සහයෝගය මේ මොහොතේ සිට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.