විදුලිබල සේවකයන් ඉල්ලා සිටින ඉල්ලීම සම්බන්ධයෙන් වූ එකඟතාවයත් අද (19දා) උදෑසන වනවිට ලිඛිතව ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවත් මේ වනවිට කඩ කර තිබෙන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මේ හේතුවෙන් වර්ජනය අඛණ්ඩව දියත් කිරීමට තීරණය කර තිබෙන බවත්, එය කඩා කප්පල් කිරීමට විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර සේවකයන් මර්දනය කිරීමේ උත්සාහයක බලධාරීන් නිරත වෙමින් සිටින බවත් එම පෙරමුණේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
කුමන මර්දනයක් දියත් කළද ගැටලුවලට විසඳුම ලැබෙන තෙක් වර්ජනය සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.