ජාතික සම්පතක් වන විදුලිබල මණ්ඩලය කිසිම අවස්ථාවක පෞද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති 22ක වෘත්තීකයන් සමග විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය,
"ජාතික සම්පතක් වන විදුලිබල මණ්ඩලය කිසිම අවස්ථාවක පෞද්ගලීකරණය කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ. විදුලි බල පනතේ තිබෙන වගන්ති වලට අනුව ඒවා රැකෙන පරිදි අපි කටයුතු කරන්නේ. එය දැඩි විශ්වාසයකින් හා වගකීමකින් මට ප්‍රකාශ කරන්න පුළුවන්. සුළං බල විදුලිය ගැන අද දවසේ ගත් තීරණය ඓතිහාසික අවස්ථාවක්ග තරගකාරී මිලගණන් යටතේ යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ මෙගාවොට් 20 ක ධාරීතාවයෙන් යුත් සුළංබල විදුලි උත්පාදකයන් ක්‍රියාත්මකකිරීමට අපි සූදානම්. මෙහි ලැබෙන වාසිය අනාගතයේදී පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරනවා" යැයි පැවසීය.