2015 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් දීපව්‍යාප්තව සිදුකල වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2704 ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇති අතර ඉන් ලත් මුළු ආදායම රු.173,942,335.83 ක් (දාහත්කෝටි තිස්නව ලක්ෂ හතලිස් දෙදහස් තුන්සිය තිස්පහසි ශත අසූ තුනයි) වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ඉන් රු.160,214,835.83 ක් (දාසය කෝටි දෙලක්ෂ දාහතරදහස් අටසිය තිස්පහයි ශත අසූ තුනයි) ලංවිම වෙත ලැබුණ ආදායම වශයෙනුත්, රු.13,727,500.00 ක් (එක් කෝටි තිස්හත් ලක්ෂ විසිහත් දහස් පන්සියයි) උසාවි ගාස්තු ලෙස රජයෙ ලැබුණ ආදායම වශයෙනුත් අයකරගෙන තිබේ. වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් දුරකතන අංක 0112 422259ට ඒ දැනුම්දෙන ලෙස විදුලිබල අමාත්‍යාංශය ඉල්ලා සිටියි.