2016 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය සිදුකළ වැටලීම්වලින් විදුලි හොරු 2617ක් නීතියේ රැහැනට හසු කර ගෙන එයින් රුපියල් මිලියන 132ක ආදායමක් උපයා තිබේ.
මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2105 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 512 ක්ද අනාවරණයවී තිබේ.
එසේම වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 011-2422259 ට හෝ විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.