දේශපාලන වාසි ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු වැඩවර්ජනයක් දියත් කර තිබුණද ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදෙන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
2015 වසරේ සිදුවූ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් එය නීතිමය වශයෙන් බේරාගත යුතු බවත්, එහෙත් යම් පිරිසක් මැරයන්ද යොදාගෙන ඊයේ (17) විදුලිබල මණ්ඩල සභාපතිවරයා කාමරයක සිර කරගෙන සිටි බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමුදුවඩු මහතා සඳහන් කළේය.
වැටුප් ගැටලුවක් ගැන මෙම පිරිස් සඳහන් කළ අතර ඉදිරි වසර තුනක කාලයක් සඳහා සේවකයන්ගේ වැටුප් 30෴ හා 35෴ වැනි ප්‍රමාණවලින් ඉහළ දමා තිබෙන බවද පවසා සිටියේය.