මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ නිවසකදී ඊයේ (6 දා) විදුලි සැර වැදීමෙන් අවුරුදු 03 ක් වැයැසති දරුවෙකු මරණයට පත් වී ඇත.
ඩී.තරූෂ මනුජිත් මෙසේ මරණයට පත්වී තිබේ.
සවස විදුලි සැර වැදුණු දරුවා රඹෑව රෝහල කරා රැගෙන යන අවස්ථාව විටත් මිය ගොස් සිටි බව දරුවා පරීක්ෂා කළ රෝහලේ වෛද්‍යවරයා පවසා ඇත.
නිවසේ විදුලි පේනුවට (ප්ලග් පොයින්ට්) එකට ඇණයක් වැනි දෙයක් ඇතුළු කිරීමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදෙන්නට ඇතැයි සැක කරන බවත් දරුවාගේ එක් අතක පිළිස්සුම් තුවාලයක් දක්නට ඇති බවත් මේ ගැන පරීක්ෂණ සිදුකරන මැදවච්චිය පොලීසියේ නිලධාරියෙක් පැවසීය.