විදුලිය බිඳවැටීම නිසා ජනතාවට සිදුවූ අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් තමා සිය තනතුරින් ඉල්ලා අස්වන බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේය.
බිඳ වැටුණු විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම යටතේ තවත් සුළු ප්රදේශයක විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට තිබෙන බවත්, එම ප්රදේශවල විදුලිය යථා තත්ත්වයට පත්වූ විගස ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන බවද සභාපතිවරයා පවසා සිටියේය.
මාස 06 ක කාලය තුළදී විදුලිය බිඳ වැටීම් 03 ක් සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.