විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම නිසා දැනට ක්‍රියාත්මක විදුලි වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
ඉල්ලීම් 03 ක් මුල් කරගනිමින් ඊයේ දහවල් 12.00 ට ආරම්භ වූ වැඩ වර්ජනය හෙට (15දා) දහවල් 12.00 ට අවසන් කිරීමට සැලසුම් කර තිබූ බවද එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.