මෙවර අයවැයෙන් විදුලි වාහනවල මිල වැඩිවීම පිළිබඳව මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්නැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම දුම් පරීක්ෂා ගාස්තු වැඩිකිරීමේදී යතුරුපැදි වලට හා ත්‍රිරෝද රථවලට ලබාදුන් සහනය අනෙකුත් වාහන වලට ලබාදීමට අදාළව එය සංශෝධනය විය යුතු බවද ඔහු සඳහන් කළේය.