ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව විදුලිබල මණ්ඩල සේවක වෘත්තීය සමිති සඳහන් කරති.
ඇතිව තිබූ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ගැටලු විසඳන බවට ලබාදුන් පොරොන්දුව මත වැඩ වර්ජනය ලබන 07දා දක්වා තාවකාලිකව නවතා දැමූ බවද එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
2015 වසරේදී පාලන අධිකාරිය විසින් අත්තනෝමතිකව වැඩිකරගත් වැටුප වැඩිකිරීම අහෝසි කරන ලෙස ඉල්ලා ඊයේ (17දා) සිට විදුලි සේවකයන් විවිධ විරෝධතාවල නිරතව සිටි අතර, අද දිනයේදීත් ප්‍රධාන කාර්යාලය අසලට සේවකයෝ රැස්වූහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ