සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුන්වාදුන් බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති හේතුවෙන් 2015 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වූ විදුලි පරිභෝජනයට වඩා අඩුවෙන් ජනතාව විදුලිය පරිභෝජනය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ අනුව අපෙක්ෂිත ප්‍රමාණයට වඩා මෙගාවොට් 500 ක් අඩුවෙන් ජනතාව විදුලිය පරිභෝජනය කර තිබෙන බව ඔහු අණාවරණය කළේය.
එසේම සෑම ආයතනයකටම මෙන්ම පාසලකටම බලශක්ති කලමණාකරුවෙක් පත්කළ යුතු බවත් බලශක්තිය වඩාත් ආරක්ෂා කරගත හැකි මට්ටමේ උපකරණ හඳුන්වා දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.