ලංකා විදුලිබල මණ්ඩලය ගතවූ මාස 6 ක කාලය තුළ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට වියදම් කළ රුපියල් කෝටි 5200 ක මුදල ඉක්මණින් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.
විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම ඉටුකිරීමට පෙර මණ්ඩලය මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කර තිබෙන ගණන් හිලව් නිවැරදි දැයි පරීක්ෂාකොට සහතිකයක් ඉදිරිපත් කරන්නැයි මහා භාණ්ඩාගාරය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව දැන් කොමිසම විදුලිබල මණ්ඩලයේ දත්ත වාර්තා පරීක්ෂාවකට ලක්කරමින් සිටිතැයි වාර්තා වේ.
ඉරිදා ලංකාදීප ඇසුරෙනි