විදුලිබල මණ්ඩලය පාඩු ලැබූවත් විදුලි බිල ඉහළ දැමීමක් සිදු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
ආණ්ඩුව ඉන්ධන සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා තීරණ වලට අනුව විදුලි පාරිභෝගිකයන්ට තවත් සහන ලබාදිය හැකි බවත්, ජනතාවට අඩු මුදලට විදුලිය ලබාදීම සඳහා සුළං සහ සූර්යතාප විදුලි උත්පාදන ක්‍රම ඇතිකරන බවද පවසා සිටියේය.