විදුලි රැහැන්වලට හානි සිදුවී ඇති ස්ථානවලට ළඟා නොවන ලෙසත්, විදුලි බිඳවැටීම් ඇත්නම් 1987 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙසත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂණික ඇමතුම් අංක 1987ට හෝ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංක 1901 ට ඒ පිළිබඳව දැනුම්දිය හැකි අතර,ඇතැම් ප්‍රදේශවල සිදුවී ඇති විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමටද සිය නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය දැනුම්දෙයි.
තවද ආපදාවලින් විපතට පත්වූවන් රඳවා සිටින තාවකාලික කඳවුරුවලට අවශ්‍යතාව පරිදි අතිරේක විදුලි සැපයුම් ලබාදීමට කටයුතු කරන බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.