පන්සල් සඳහා සුර්යබල පද්ධති ලබාදීම මගින් විදුලි බලය සඳහා පින් කැටයක තැබීමේ අවශ්‍යතාක් ඇති නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සූර්යබල සංග්‍රාමයට සමගාමීව අඹේපුස්ස, මංගෙදර රජමහා විහාරස්ථානයට සූර්යබල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
"රටට අවශ්‍ය විදුලියෙන් භාගයක් පමණ නිෂ්පාදනය කරන්නේ ගල් අගුරු සහ තෙල් වලින්. මේ සදහා විශාල මුදලක් පිටරටට ඇදිලා යනවා. මේක විශාල ප්‍රශ්නයක්. නමුත් අපි ළග තිබෙනවා තවමත් භාවිතයට නොගත් මිල අවම බලශක්ති ප්‍රභවයන්.
ඒ තමයි ජලය, සුළං සහ සූර්ය බලය ආදිය. මේවා මගින් එක සතයක්වත් වැය නොකර විදුලිය නිපදවන්න පුළුවන්. සමකය ආසන්න රටක් වශයෙන් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම අපේ රටට වඩාත් ලාභදායි වෙනවා. අපි ටිකක් ඒ සඳහා පරක්කු වුණා. ඒ පරක්කුව අල්ලන්න තමයි අපි දැන් මේ සංග්‍රාමය කරන්නේ” යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.