විදුලිය බිඳවැටීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේසම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කළ අමාත්‍ය කමිටුවේ අවසන් වාර්ථාව අද උදෑසන අමාත්‍යවරයා විසින් ජනාධිපති සිරිසේන මහතාට නිල වශයෙන් භාරදී තිබේ.
අමාත්‍යාංශ මට්ටමින් පැවැත්වූ පරීක්ෂණවල තොරතුරු සහ අදාළ කමිටු සහ අනු කමිටු ලබාදුන් වාර්තාවල තොරතුරු සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.