විදුලි ගැටළු පිළිබඳව විසඳුම් සොයන ජනාධිපති කැබිනට් අනු කමිටුව අද(19) දින පස්වරුවේ දුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සභාපතීත්වයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශත්ති අමාත්‍යාංශයේ දී රැස්වු බව අමාත්‍යාංශය බැවසීය.
විදුලිබල ක්ෂත්රයේ තාක්ෂණික වෙනස්කම් කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීම, හදිසි ආපදාවන් සඳහා මුහුණදීම ඇතුළුව ආසන්නයේ සිදු වූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම කමිටුවේ යෝජනා ඇතුළත් කඩිනම් වර්තාව ලබන 23 වනදා භාරදීමට නියමිත අතර, පුළුල් වාර්තාව මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය.
අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය චන්දිම වීරක්කොඩි, අමාත්‍ය සාගල රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සමාජිකයන් වේ.