කල්පිටිය අර්ධද්වීපයේ පසුගිය බ්රහස්පතින්දා සිට විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර එයට විරෝධය පා එම ප්රදේශයේ ජනතාව අද (08දා) උදෑසන නොරෝච්චෝල ලක්විජය බලාගාරයට ගමන් ගන්නා මාර්ගය සම්පුර්ණයෙන් වසාදමා විරෝධතාවයක් පවත්වමින් සිටිති.
මේ විරෝධතාව හේතුවෙන් ලක්විජය බලාගාර සේවකයන්ට තම රාජකාරී සඳහා ගමන් කිරීමට නොහැකිව අපහසුතාවට ලක්වූ අතර එම නිලධාරීන් පැවසුවේ මේ හේතුවෙන් බලාගාරයේ විදුලි නිෂ්පාදනට බලපෑම් එල්ල වන අතර ජාතික විදුලිබල පද්ධතියටද මෙම ප්රමාදය බලපෑම් ඇති කරන බවයි.
කල්පිටිය ජනතාව පවසන්නේ විදුලිබල මණ්ඩලය අත්තනෝමතිකව සිදුකරන විදුලිය කප්පාදුව හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා ඇතිව ඇති අතර මෙය විදුලිබල මණ්ඩලය විසින් ද්වේෂ සහගතව සිදුකරන බවයි.