විසි අවුරුදු අඩු වියදම් විදුලි ජනන සැලැස්ම ක්රියාත්මක නොකිරීමට එරෙහිව අද (06දා) සිට සවස 4.15න් පසු සියලුම නඩත්තු සේවා කටයුතුවලින් ඉවත්වන බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
20 අවුරුදු සැලැස්ම ක්රියාත්මක කරන ලෙස ඉල්ලා මැයි 08 වැනි දින සවස 4.15 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද එම සංගමයේ කමිටු සාමාජික ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.
එම ක්රියා මාර්ගයට ප්රතිචාර නොමැති නිසා අද සවස 4.15 පසු නඩත්තු කටයුතුවලින් ඉවත්වන බවත්, යම් නඩත්තු කටයුත්තක් සිදුකරනවා නම් එය උදේ 8.30ත්, සවස 4.15.ත් අතර පමණක් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.