පසුගිය දා පිපිරීමකට ලක්වු විදුලිබල මණ්ඩලයට අයත් බියගම ලැගුම්පොල සහ කොටුගොඩ විදුලි උපපොල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජර්මනියේ විශේෂඥයන් පිරිසක් හෙට (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසීය.මේඅතර මේවනවිට විදුලි උපපොලවල් රැසකට හමුදා ආරක්ෂාව සපයා ඇති බවත් විදුලි උපපොලවල් පිහිටි ස්ථාන සහිත ලේඛණයක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් අමාත්‍යාංශය පැවසීය.