නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සකස් කිරීම සඳහා රුපියල් බිලියන 08 ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇතැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසීය.
මෙහිදී මහජනතාවගෙන් මුදලක් අය කරගැනීමට සිදුවන බවත්, දරිද්‍රතාවෙන් පෙළෙන බවට සහතික කළ හැකි අය එම ගාස්තුවෙන් නිදහස් කළහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.බුද්ධික පතිරණ මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ඉදිරි මාස තුන ඇතුළත නව හැඳුනුම්පත ලබාදීමට කටයුතු කරන බවයි.
2015/10/07 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ සඳහා ලැබී තිබෙන බවත්, වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීමට හැකි වන පරිදි 1967 අංක 37 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන බවත්, මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බවත් ඔහු කීය.
ජාතික පුද්ගල නාමලේඛන ස්ථාපනය කිරීම සහ විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට රුපියල් බිලියන 14.5 ක් ඇස්තමේන්තුගත කර තිබුණු බවද හෙතෙම කීවේය.ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන් 175,000 - 200,000 ක් අතර පිරිසක් සිටින බවද නාවින්න මහතා පැවසීය. 1967 අංක 12 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 09 හා 16, 17 වැනි වගන්ති අනුව හැඳුනුම්පතක් ලබාගැනීමේදී ගාස්තු ගෙවිය යුතු බවත්, යම් අයෙකුට දරිද්‍රතාව හේතුවෙන් ගාස්තු ගෙවීමට අපහසු නම් ඒ සඳහා සහතිකයක් නිකුත් කිරීමට කොමසාරිස් ජනරාල්, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රා‘දේශීය ලේකම්වරයාට බලය තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.