ශ්රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ සංගමයේ නව වන වාර්ෂික සමුඑව ඊයේ (20දා) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී ශ්රී ලංකාවට ගෙන්වන ලද පරිසර හිතකාමී විද්යුත් මෝටර් රථයක් ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්විය.