විද්යුත් ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීමේ හා ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ වයස් සීමාව අඩු කිරීමේ සංශෝධන ඇතුළත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩු කිරීමේ මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.
මීට අමතරව ශ්රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් පුද්ගලයන් පිළිබඳ %ජාතික නාමලේඛනය^ යනුවෙන් හඳුන්වනු ලබන දත්ත සමූහයක් ඇති කර පවත්වා ගෙන යාමටද නව පනතින් සංශෝධන ඉදිරිපත් කර තිබේ.
පුද්ගලයන් පිළිබඳ ජාතික නාමලේඛනයට ශ්රී ලංකාවේ පුරවැසියෙකු වන සෑම තැනැත්තෙකුම ලියාපදිංචි විය යුතුය. ඒ තොරතුරු තුළ නම, උපන්දිනය, උපන් ස්ථානය, ස්ත්රී/පුරුෂ භාවය, ලිපිනය, පවුලේ තොරතුරු හා වෙනත් තොරතුරු ඇතුළත් කරනු ලබන බවද සංශෝධනවල සඳහන් වේ.
රංජන් කස්තුරි/ සුජිත් හේවාජුලිගේ