යාවත්කාලීන කරන ලද විද්යුත් ඡන්ද ක්රමය පාර්ලිමේන්තුවේ ක්රියාත්මක බව කථානායක කරු ජයසුරිය මහතා අද (09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විද්යුත් ඡන්ද ක්රමය භාවිතයේදී අදාල පරිපථයේ ඇතිවු කාර්මික දෝෂය එම පද්ධතිය සවිකළ සමාගම විසින් යාවත්කාලීන කර ඇති බවත් ඒ අනුව විද්යුත් ඡන්ද ක්රමය භාවිතයට ගතහැකි බවත් කථානායක කරු ජයසුරිය මහතා ප්රකාශ කළේය.
පසුගිය පාර්ලිමේන්තු සැසියේදී විද්යුත් ඡන්ද ක්රමය භාවිතයේදී මන්ත්රීවරුන්ගේ නම් මාරුකර පෙන්වීම හේතුවෙන් මෙම පද්ධතිය භාවිතයට ගැනීම නැවැත්වීමට තීරණය කළේය.