ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වූ නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරී පත්වීමක් ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.
පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසටද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනවිය වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබේ.
‘විද්‍යා ශිවලෝගනාදන්’ පදනමේ උපසභාපතිනි ප්‍රවීණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වතී ශිවලෝගනාදන් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.