විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් නමදෙනා නැවත නොවැම්බර් 09දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස යාපනය, ,කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (26 දා) නියෝග කරනු ලැබීය.
අදාළ සැකකරුවන්ගෙන් ලබාගත් රුධීර සාම්පල වැඩිදුර පරීක්ෂාවට යොමු කොට ඇති අතර, වාර්තා පිළිබඳ පරීක්ෂණ පවත්වන බැවින් සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය මැයි මාසයේදි කයිට්ස්, පුන්කුඩිතිවි ප්‍රදේශයේදි ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය පාසල් නිළ ඇදුමින් සිටියදි මරාදමා තිබිණ.