මිතුරන් සමග එක්ව බුලත් විට කා සතුටුවෙමින් සිටි පුද්ගලයෙකු, විට උගුරේ සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
අලුත් අවුරුදු දා (14දා) තම මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ. කන්දකැටිය, තැන්නපංගුව, මොරගොල්ල ගම්මානයේ ආර්.ඩී. සුනිල් කුමාර (32) නමැති තිදරු පියෙකු මෙසේ මියගොස් තිබේ. සිද්ධිය පිළිබඳ කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි .
එන්.කේ. නිශ්ශංක මීගහකිවුල