දේශපාලනික වශයෙන් තිබෙන විවේචන ජනතා විමුක්ති පෙරමුණට ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිව විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන් අපහසුතාවන්ට පත්වන ආකාරයට ගැටලු ඇති නොකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි.
විජේවීර මහතා මියගිය පසු බිරිඳ සහ දරුවන් නාවික හමුදා කඳවුරක නිවෙස්වල ජීවත්වූ බවත්, එහෙත් ඔවුන්ට දැනට පදිංචිව සිටිනා නාවික හමුදා නිවසින් ඉවත්වන ලෙසට දන්වා තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඔවුන්ට නිවසක් ලබාදීමට පක්ෂය මැදිහත් වන බවත්, මේ නිසා මෙම ප්රශ්නය උපයෝගී කරගෙන ඔවුන් අපහසුතාවන්ට පත් නොකරන ලෙසද එම පක්ෂය ඉල්ලා සිටී.